කෙණ්ඩා පෙරළීමට ප්‍රතිකාර තිබෙනවා

(අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිශ්‍රේණි හෙද නිළධාරිණී ඒ. එම්. ප්‍රේමලතා මහත්මිය සමග doctor.lk වෙබ් අඩවිය පැවැත් වූ සාකච්ඡාවක් ඇසුරිනි.)

වැඩිහිටි පුද්ගලයින් අතර බහුලව දක්නට ලැබෙන රෝගයක් ලෙස කෙණ්ඩා පෙරළීම හැඳින්විය හැකිය. බොහෝ දුරට මෙම කෙණ්ඩා පෙරළීම සිදු වන්නේ  රාත්‍රි කාලයේදීය. එය නිදාගෙන සිටින පුද්ගලයෙකු අත්විඳිය හැකි එක්තරා ආකාරයක ත්‍රාසජනක සිදුවිමක් ලෙස හැදින්වීමට ද හැකිය. එය කෙණ්ඩා පෙරළීම සාමාන්‍ය ව්‍යවහාරයේ භාවිත වුවද මෙය බහුලව සිදු වන්නේ පාදයේ මාංශ පේශිවලය. මස්පිඬු පෙරළීම ලෙස ද හඳුන්වන්නේ එම තත්තවයයි.

මස්පිඬු පෙරළීම නැත්නම් කෙණ්ඩා පෙරළීම සිදුවන්නේ ඇයි?

මස් පිඬුවල හැකිළීම නොහොත් මංශ පේශි සංකෝචනය නිසා මෙම අපහසුතාව ඇති වේ. මාංශ පේශි සංකෝචනය වීමට ප්‍ර‍ධාන වශයෙන් බලපාන්නේ රුධිර සාන්ද්‍ර‍ණයේ ඇති කැල්සියම් හා පොස්පරස් හිඟවිම හෝ අඩු වීමය. මෙය ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව සෑදෙයි. බොහෝ පුද්ගලයින් මෙම තත්ත්වයට මුහුණ දෙන අතර එය ඉතාමත් වේදනාකාරී අත්දැකීමකි. කෙණ්ඩ පෙරළීම වැඩිහිටියන් අතර ඉතා සුලබව දක්නට ලැබෙන රෝග තත්ත්වයකි. නමුත් මෙය බාල වයස්කරුවන් අතර ඇති වන අවස්ථා ද තිබේ.

මෙය ශරීරයේ සිදුවන නිශ්චිත ස්ථානයක් තියෙනවා ද?

කෙණ්ඩා පෙරළීම ශරීරයේ බොහෝ විට සිදු වන්නේ ශරීර අභ්‍යන්තරයේය. නමුත් මෙම තත්ත්වය ශරීරයේ බාහිර ද සිදුවිය හැකිය. මෙම තත්ත්වය රෝගයක් ලෙස නිශ්චිතවම නම් කළ නොහැකිය. නමුත් එය යම් රෝගයක පෙර ලකුණු සඳහන් කිරිමක් ලෙස දැක්විය හැකිය. ශරීරයේ අභ්‍යන්තරයේ ඇති අවයවවල ද  මෙලෙස කෙණ්ඩා පෙරළීම සිදු වේ. උදාහරණ ලෙස ආහාර මාර්ගය, මූත්‍රාශය, මූත්‍රා පද්ධතිය සහ ගර්භාෂය ආදී ස්ථාන දැක්විය හැකිය.

කෙණ්ඩා පෙරළීමට ප්‍ර‍ධාන වශයෙන් බලපාන හේතු මොනවා ද?

  • රුධිර සාන්ද්‍ර‍ණයේ ඇති කැල්සියම් හා පොස්පරස්වල මද බව
  • මස් පිඩුවල අධික ක්‍රියාකාරීත්වය නිසා ඇති වන විජලන තත්ත්වය
  • කය වෙහෙසා වැඩ නොකරන පුද්ගලයෙකු අධික වෙහෙසක් දෙමින් යම් කාර්යයක  නිරත වීම
  • අධික හිරු කිරණට නිවාරණය වෙමින් කය වෙහෙසවා වැඩ කිරිමේ දී  සිරුරෙන් අධික ලෙස දහදිය වැගිරී ඇති වන විජලනය
  • ගර්භණී අවස්ථාවේ පසුවන කාන්තාවකගේ කැල්සියම් හා මැග්නීසියම් මට්ටම අඩු තත්ත්වයක පැවතීම
  • හෘද අකර්මන්‍යතාවට ලබා දෙන ඖෂධ නිසා බෙල්ල අවට ඇති පේශී සංකෝචනය වීම
  • සිරෝසීස්, වකුගඩු අකර්මන්‍යතාව හා විටමින් ඌනතාව

විජලනය වු අවස්ථාවක වස් පිඩු පෙරළීමක් සිදු වන්නේ ඇයි?

මස් පිඩු අධික ලෙස වෙහෙස වු වටක දී විජලනය සිදු වේ. මෙසේ මස් පිඩු අධික ලෙස ක්‍රියාත්මක වීමේ දි මස් පිඩුවල ලැක්ටික් අම්ලය නිපදවීම සිදුවන අතර එම අම්ලය රුධිර වාහිනි ඔස්සේ ඉවත් නොවුණු විට දී කෙණ්ඩා පෙරළීම සිදු වේ. බොහෝ විට ක්‍රීඩකයින්ගේ මෙලෙස සිදුවන අවස්ථා දැකිය හැකිය.

කෙණ්ඩා පෙරළීම වළක්වා ගැනිමට කළ යුත්තේ මොනවා ද?

  • පෝෂ්‍යදායි ආහාර ගැනීම
  • දිනපතා ව්‍යායාම කිරීම (විශේෂයෙන් ව්‍යායාම කිරීමට පහසු නම් දිනකට විනාඩි 10-15 ක් පමණ ඇවිදින්න.)
  • නිසි ප්‍ර‍මාණයෙන් ජලය පානය කිරීම
  • පළතුරු හැකිතාක් ආහාරයට ගැනීම
  • විටමින් සහිත ආහාර වර්ග ගැනීම
  • ක්‍රීඩා කිරීමට සහ ව්‍යයාම කිරීමට ප්‍ර‍ථම හා පසුව මාංශ පේශීන් ලිහිල්වන ව්‍යායාම (Warm up) කිරීම හා හොඳින් ජලය පානය කිරීම
  • නින්දෙන් සිදු වන මස් පිඩු පෙරළීම් අවම කර ගැනිමට  නින්දට යෑමට පෙර මාංශ පේශීන් ලිහිල්වන ව්‍යායාම (Warm up) කිරීම
  • අයඩීන් මිශ්‍ර‍ ලුණු  සහිත ආහාර ගැනිම
  • නිසි වෛද්‍ය උපදෙස්වලින් තොරව ඖෂධ භාවිත නොකරීම
  • ගර්භණී මව්වරුන් තමන්ට සායනයෙන් ලබා දෙන උපදෙස් හරියාකාරව පිළිපැදීම
  • කෙණ්ඩා පෙරළුණු පසු කළ යුත්තේ කුමක් ද?
  • අදාළ පේශි උණුසුම් ජලයෙන් සම්භාහනය කිරිම
  • ලුණු ස්වල්පයක් දිවෙහි තබා ගැනීම
  • ලුණු මිශ්‍ර‍ ජලය ස්වල්පයක් පානය කිරීම
  • පාදයේ කෙණ්ඩා පෙරළුණු පසු අපහසුවෙන් හෝ ඇවිදීමට  උත්සාය කිරීම

උපදෙස්:


ඒ. එම්. ප්‍රේමලතා
අධි‍ශ්‍රේණි හෙද නිළධාරිණි
නුරාධපුර මහ රෝහල
සටහන – සුමේධා අබේසිංහ