කොන්දේ අමාරුවට මූලික හේතු මෙන්න

එලින් ලයර්ගේ ජීවිතයේ වේදනාව නොමැති අවස්ථාවක් සොයා ගැනීම පවා අපහසුය. “මට වැඩි වේලාවක් හිට ගෙන ඉන්න බෑ. මට වැඩි වේලාවක් ඉඳ ගෙන ඉන්නත් බෑ. මම ගෙදර ඉන්නවා නම් බොහෝ වෙලාවට ඇඳේ හාන්සි වෙලා ඉන්නේ. මට සාමාන්‍ය අම්මා කෙනෙක් විදිහට දරුවාගේ වැඩ ටිත කරගන්න බෑ. මට ගොඩක් ඇවිදින්න බෑ. ජීවිතයේ ගොඩක් දේවල් මට අහිමි වෙලා” යැයි 39 හැවිරිදි එක් දරු මව කීවාය.

සිය කොඳු ඇට පෙළෙන් නැඟෙන වේදනාව කොඳු ඇට පෙළ මත කටුවක් තබා තද කරන්නාක් මෙන් දැනෙන බව ලයර් පවසයි. එය කිසිදු ප්‍රතිකාරයක් නොමැති වේදනාවකි. ඖෂධ, වේදනා නාශක සහ සැත්කම් පවා ලබා දුන්නේ තාවකාලික සහනයකි. ඇය තවමත් වේදනාව අපහසුව සමගය.

“ඇමරිකානු ජනගහනයෙන් සියයට අසූවක් සිය ජීවිතයේ කිසියම් අවස්ථාවක කොන්දේ අමාරුවට ගොදුරු වෙනවා” යැයි කොඳු ඇට පෙළේ ආබාධ සහ සැත්කම් පිළිබඳ විශේෂඥයකු යන වෛද්‍ය රොනල්ඩ් ජේ. වින්සකි පවසයි. බොහෝ වෙලාවට එම කොන්ද පහළ කොටස ආශ්‍රිතව වේදනාව හට ගන්නා අතර ඒ සඳහා බලපාන මූලික හේතුවක් මෙතෙක් හඳුනා ගෙන නැත. මෙම කොන්දේ අමාරුව වැළඳෙන 2%-10% අතර පිරිසක් මාස තුනක පමණ කාලයක් දෛනික ජීවිතයට අහිතකර ලෙස බලපාන දිගුකාලීන කොන්දේ අමාරුවට ගොදුරු වෙති.

කොන්දේ අමාරුව සමනය කර ගන්නේ කෙසේද? කොන්දේ අමාරුව ඇති වීමට බලපාන ඉතාම සුලබ හේතු සහ ඉන් මිදීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ අදහස් ලබා ගැනීමට විකලාංග ශල්‍ය වෛද්‍යවරයකු සමග  සාකච්ඡා කළෙමු.

කොන්දේ අමාරුව (Degenerative Discs and Herniated Discs) වැළඳීමට හේතු මොනවා ද?

කොන්ද පහළ ප්‍රදේශයෙන් වේදනාව මතු වන්නේ ඇයි? “කොන්ද පහළ ප්‍රදේශය අධික ලෙස ක්‍රියාත්මක වන බෙහෙවින් වෙහෙසට පත්වන කොටසක්. ශරීරයේ ඉහළ කොටසේ බර හැම විටම පහළ කොන්ද ප්‍රදේශයට දැරීමට සිදුවීම ඊට හේතුවයි ” චිකාගෝ රෂ් විශ්වවිද්‍යාලයේ විකලාංග ශල්‍යවිද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය ගුනාර් ඇන්ඩර්සන් (MD, PhD) පවසයි.

සිරුරේ ඉහළ කොටසේ සියලු බර දරන්නේ තිහකට වැඩි එක මත එක පිහිටි කොඳු ඇට පෙළ මගිනි. සෑම කොඳු ඇටයක් අතර ම තෙත හතු වැනි කාටිලේජ තැටියක් ඇත. ඒවා කොඳු ඇට පුරුක් එකිනෙක ගැටීම වළක්වමින් කම්පන වාරක (shock absorber) ලෙස ක්‍රියා කරයි.

මෙම කාටිලේජ තැටි වයසත් සමග ක්‍රමයෙන් හැකිළෙයි. ගෙවී යයි. එම ආසාදන තත්ත්වය කොන්දේ අමාරුව හෙවත් degenerative disc disease ලෙස හඳුන්වයි. විටක එම කාටිලේජ තැටි ඉරීම හෝ තුවාල වීම ද සිදුවිය හැකිය. ඇතැම් විට කාටිලේජ තැටියක් දුර්වල වීම එහි ජෙලි ස්වරූපයක් උසුලන මධ්‍ය කේන්ද්‍රය වෙත පීඩනයක් එල්ල කළ හැකිය. මෙම තත්ත්වය ඔබේ කාරයේ ටයරයෙහි බුබුලක් මතු වීමට සමානය.

“කාරය ධාවනය කරන කිසිවක ගැටී එම බුබුළ පුපුරනවා.” ඔහු පවසයි. මේ ආකාරයටම ඔබේ කොඳු ඇට පෙළට එල්ල වන පීඩනය නිසා කාටිලේජ තැටියක් නියමිත පිහිටීමෙන් ඉවතට යාම සමග එහි මැද ඉදිමීමට ලක්විය හැකිය.

ඇතැම් විට මෙම ඉදිමුම කාටිලේජ තැටි ඇතුළත පිහිටි මොළය කරා පණිවිඩ රැගෙන යන සංවේදී ස්නායු තෙරපීමට ලක් කළ හැකිය. ඒ නිසා ලයර්ට මෙන් අතිශය වේදනාකාරී අත්දැකීම්වල මුහුණපෑමට සිදුවිය හැකිය. “මම වැරදි විදිහට හැරුණත් උකුළ ප්‍රදේශය පුරා විදුලි සැරයක් ගියා වගේ දැඩි වේදනාවක් මතු වෙනවා.” ලයර් පවසයි.

කොඳු ඇට පෙළෙහි පහළ කොටසේ කාටිලේජ තැටියක පිහිටීම වෙනස් වීම පහළ කශේරුකාවේ දිවෙන ස්නායු මත පීඩනයක් ඇති කළ හැකිය. මෙය තට්ටම් සහ පාද ආශ්‍රිතව වේදනාව ඇති වීමට ද හේතුවෙයි.  මෙම තත්ත්වය සයටිකා (sciatica) යනුවෙන් හැඳින්වෙයි.

කොන්දේ අමාරුවට වෙනත් හේතු

කොන්දේ වේදනාව ඇති වීමට විවිධ හේතු බලපායි. අධික ක්‍රියාකාරීත්වය නිසා හට ගන්නා තුවාල මේ සඳහා බෙහෙවින් පොදු හේතුවකි. කෙසේ වුව ද මේ තත්ත්වය දින කිහිපයකින් පහව යයි. කල්පවතින කොන්දේ වේදනාවට හේතු වන සෙසු හේතු මෙසේය.

තැටි ඉරී යාම

Spondylolisthesis කශේරුකාවේ පහළ කොටසේ කොඳු ඇටයක් නියමිත ස්ථානයෙන් ඇතුළට ඇදී යාම නිසා ඇති වන තත්ත්වයකි. සාමාන්‍ය සන්ධි සහ අස්ථි ගෙවීම් සහ ඉරීම්, වයස්ගත වන විට කශේරුකාව මැනවින් පවත්වා ගෙන යාම අපහසු කරයි. කොඳු ඇටයක් එය චලනය විය යුතු ප්‍රමාණයට වඩා චලනය වෙයි නම් එය ඉදිරියට ලිස්සා යාමට සහ එකිනෙක මත ඇදී යාමට හැකිය. එය සිදු වන විට අස්ථි මගින් කශේරුකාවේ ස්නායු තෙරපුමට ලක් කළ හැකි අතර කොන්දේ අමාරුව හට ගත හැකිය.

ඔස්ටියෝපොරෝසිස් නිසා කොඳු ඇට කැඩීම

කොඳු ඇට අතර ඉඩ හැකිළීම නිසා ඇති වන තත්ත්වය Spinal stenosis ලෙස හැඳින්වෙයි. කොඳු ඇට අතර ඉඩ හැකිලීම නිසා ස්නායු මත තෙරපුමක් ඇති කළ හැකිය. මෙය අස්ථි සන්ධි ප්‍රදාහය (osteoarthritis) නිසා ඇති වන තත්ත්වයකි.

කුදු බව

කොඳු ඇට පෙළේ අසාමාන්‍ය වක්‍රතා නිසා කොන්දේ වේදනාව ඇති විය හැකිය.

කලාතුරකින් අවස්ථාවක කොන්දේ අමාරුව දියවැඩියාව සහ ස්නායු වෙත අධික පීඩනයක් එල්ල වීම (pinched nerve) ආදි බරපතළ තත්ත්වයක් පිළිබඳ සංඥාවක් විය හැකිය. ස්නායු වෙත අධික පීඩනයක් එල්ල වීම නිසා ඇති වන කොන්දේ වේදනාව සමග උණ, සීතල, නින්දේදී දහදිය දැමීම හෝ මුත්‍ර පාලන නොහැකියාව ආදී ලක්ෂණ ඇති විය හැකිය.

රෝග විනිශ්චය සඳහා නවීන යන්ත්‍රසූත්‍ර තිබුණ ද කොන්දේ අමාරුව ඇති වන්නේ කවර හේතුවක් නිසා ද යන්න හඳුනා ගැනීමට බොහෝ අවස්ථාවල වෛද්‍යවරු පවා අසමත් වෙති. “කොන්දේ අමාරුව සඳහා බලපාන හේතු සොයා ගැනීම හරිම අමාරුයි.” යැයි මහාචාර්ය ඇන්ඩර්සන් පවසයි.

අධික ලෙස බර ඉසිලීම කොන්දේ අමාරුව සඳහා හේතුවක් විය හැකි වුව ද එය හැම විට ම එකම හේතුව නොවේ.

කොන්දේ අමාරුවට බලපාන හේතු සොයා ගැනීම සඳහා එක්ස්-රේ, MRI ස්කෑන්, CAT ස්කෑන්, අස්ථි ස්කෑන් (bone scan) සහ bone density පරීක්ෂණ ආදිය යොදා ගනියි.

කොන්දේ අමාරුව: එය ඔබේ ජානගත රෝග තත්ත්වයක් ද?

එක් අයකුට කොන්දේ අමාරුව වැළඳීම සඳහා ජානගත හේතු බලපෑ හැකි අතර තවත් අයකුට එය බලනොපෑ හැකිය. “ඔබ කායිකව වෙහෙසී වැඩ කරන සහ සැහැල්ලු රැකියාවක් කරන නිවුන් පුද්ගලයන් දෙදෙනක් ගෙන, ඔවුන්ගේ MRI පරීක්ෂණ වාර්තා සසඳා බැලුවහොත් ඔවුන් අනිවාර්යයෙන්ම හඳුනා ගන්න පුළුවන්. ඔබේ ජානමය සාධක ඉතාම වැදගත් බව ඉන් පැහැදිලි වෙනවා.” යැයි මහාචාර්ය ඇන්ඩර්සන් පවසයි.

(www.webmd.com වෙබ් අඩවියට සෞඛ්‍ය මාධ්‍යවේදිනියක වන Stephanie Watson සැපයූ Top Causes of Chronic Low Back Pain නම් ලිපියෙහි සිංහල අනුවාදයකි.)