ගං වතුරකට පසු පැතිරෙන ලෙඩ රෝගවලින් ආරක්ෂා වන්නේ මෙහෙමයි

ආරක්ෂිත මෙවලම් පලඳින්න

  • රබර් බූට්ස්
  • ඇතුළට ජලය කාන්දු නොවන ග්ලවුස්
  • කට සහ නහය වැසෙන පරිදි මුඛ ආවරණ (mask) පළඳින්න. එමගින් වායු ගෝළයේ ඇති 95%ක් පමණ වන දුහුවිලි ඇතුළු විෂබීජ අංශුවලින් ඔබ ආරක්ෂා කරයි. 

තුවාල වීම් සහ ආසාදන වළක්වා ගන්න

  • ගං වතුරට බැසීමෙන් වළකින්න.
  • කිසියම් හේතුවක් නිසා ඔබට ගං වතුරට බැසීමට සිදු වී නම් පිරිසිදු වතුරින් නා තෙත ඇඳුම් මාරු කරන්න. ඔබේ සිරුරේ තුවාලයක් ඇත්නම් එය සබන් යොදා හොඳින් සෝදන්න. තුවාලයේ රතු වීමක්, ඉදිමුමක් හෝ ලේ ගැලීමක් සිදු වේ නම් ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබා ගන්න. 
  • පසුගිය වසර 10 තුළ ඔබ ජල භීතිකාව සඳහා එන්නත් ලබා ගෙන නොමැති නම් එය ලබා ගන්න.
  • ඔබේ සිරුරේ අලුත් කැපුමක් හෝ සිදුරු වීමක් වූයේ නම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න.
  • පානයට සුදුසු බවට තහවුරු කරගත් ජලය පමණක් පානය කරන්න.
  • ගං වතුරට හසු වූ ආහාර පාන කිසිවක් ආහාරයට ගැනීමෙන් වළකින්න. ගං වතුරකට පසු පානිය ජලය සහ ආහාර සඳහා වන මාර්ගෝපදේශන පිළිපදින්න.
  • වතුරට තෙත් වී බර බොහෝ සෙයින් ඉහළ ගොස් ඇති නිසා විශාල බඩු බාහිරාදිය තනිව ඉවත් කිරීමට උත්සාහ නොකරන්න.
  • විඩාව පිළිබඳ සැලකිලිමත් වන්න. ඔබ වෙහෙසට පත් වූ විට අනතුරුවලට ලක්වීමේ හැකියාව වැඩිය. ඔබ දිනපතා කරන වැඩ නිසි පරිදි සැලසුම් කරන්න. විටින් විට හෝ වෙහෙසට පත් වූ විට විවේක ගන්න.

ඔබේ නිවසට නැවත පැමිණීමේ දී සැලකිලිමත් වන්න.

  • ජල මට්ටම පහත බසින තුරු ආරක්ෂිත ස්ථානයක රැඳී  සිටින්න.
  • විදුලි කම්බි කඩා වැටීමක් සිදුව ඇති දැයි පරිස්සමින් නිවස වටා ගොස් පරීක්ෂා කරන්න.
  • විදුලි කම්බි කඩා වැටීමක් හෝ හානි වීමක් සිදුව ඇත්නම් ළඟම ඇති විදුලි බල මණ්ඩල කාර්යාලය අමතා දැනුම් දෙන්න.
  • නිවසට හානි වී තිබේ දැයි පරීක්ෂා කරන්න.
  • විදුලිය කාන්දු වෙමින් තිබිය හැකි නිසා වතුර රැඳුණු තැන්වලට නොයන්න.
  • ගං වතුර ගලා ඒමට පෙර විදුලිය විසන්ධි කිරීමට නොහැකි වූයේ නම් විදුලි කාර්මිකයකු ලවා පරික්ෂා කර නිවසේ විදුලිය විසන්ධි කරවන්න.

පරිස්සමින් පිරිසිදු කරන්න.

ගං වතුර සමග නිවස තුළට ගලා ආ විෂබීජ සෞඛ්‍ය ගැටලු ඇති කළ හැකිය. එම විෂබීජ අඩංගු වාතය හෝ වතුර සමග ගැටීම නිසා ඔබ රෝගාතුරු විය හැකිය. එහෙයින් ගං වතුර සහ කැළිකසල සමග ඇති විෂබීජ ශරීරගත වැළැක්වීම සඳහා රබර් බූට්ස්, වතුර කාන්දු නොවන ග්ලවුස් සහ මුව ආවාරණ පැළඳීමට අමතක නොකරන්න.   

ආහාර සැකසීමට හෝ කෑමට පෙර, වැසිකිලි භාවිතයට පසු, ගං වතුර ආපදාවට පසු පිරිසිදුකිරීම්වලට සම්බන්ධ වූ පසු, ගං වතුරට හසු වූ ද්‍රව්‍ය හෝ හෝ කැළිකසල ඇල්ලූ පසු පිරිසිදු වතුර සහ සබන් යොදා ඔබේ දෑත් පිරිසිදු කරගන්න. ඔබට පිරිසිදු ගලා යන ජලය නොමැති නම් උණුකර නිවාගත් ජලය හෝ ජීවානුහරණය කළ ජලය භාවිත කරන්න.

කාබන්මොනොක්සයිඩ් විෂවීම වළක්වන්න.

  • ගරාජය, බිම් මහල, කාමර, පටු ස්ථාන, කාරය නවතන ස්ථානය වැනි කොටසක් ආවරණය වූ ස්ථානයක හෝ සුළං හමන මාර්ගයේ විදුලි ජනක යන්ත්‍ර ක්‍රියාත්මක නොකරන්න. ගොඩනැගිල්ල තුළට සුළං හන දිශාට ඈතින් පිටත ස්ථානයක විදුලි ජනක යන්ත්‍ර ක්‍රියාත්මක කරන්න.
  • ගෑස් උදුන හෝ අවනය උණුසුම ලබා ගැනීමට භාවිත නොකරන්න.
  • නිවසේ හෝ ගරාජයේ බාබිකිව් මැෂින් වැනි උපකරණ ක්‍රියාත්මක නොකරන්න.
  • ආවරණය වූ ස්ථානවල ගෑස් හෝ තෙල්වලින් ක්‍රියාත්මක වන කිසිම යන්ත්‍රයක් ක්‍රියාත්මක නොකරන්න.

(www.health.ny.govහි ‘How to Avoid Getting Sick and Injured After a Flood’ නම් ලිපියේ සිංහල අනුවාදයකි.)