දරුවන් තරබාරු වීම වළකන අත්දුටු ක්‍රම 6ක්

අපේ රටේ ජනතාව අතර තරබාරුකම සහ අධිබර තත්ත්වය වේගයෙන් ඉහළ යන්නේ ළමයින් සහ තරුණයන් ද එහි ගොදුරු බවට පත් කරමිණි. අධිබර දරුවන්ට දෙවෙනි කාණ්ඩයේ දියවැඩියාව, හෘදයාබාධ සහ වෙනත් රෝගාබාධ වැළඳීමේ විශාල ඉඩක් තිබේ. දෙමාපියන්ට තම දරුවන්ගේ බර පාලනය කළ හැකි ආකාර කිහිපයක් ඉන්දියාවේ Grow Fit ආයතනයේ ප්‍රධාන පෝෂණවේදී ලලිතා සුබ්‍රමනියම් පෙන්වා දෙයි.

ඔබ ආදර්ශමත් චරිතයක් වන්න: ඔබ දරුවන්ට ආදර්ශයට ගත හැකි පුද්ගලයකු වීම පළමු සහ වඩාත් වටිනා කොන්දේසියයි. කුඩා දරුවෝ තමන් දකින අහන දේ අනුගමනය කරති. ඔබට වස විෂ නැති පෝෂණ ගුණයෙන් අනූන ආහාර පාන සහ ක්‍රියාශීලී විනෝදාංශ තෝරා ගැනීම මගින් දරුවාට කුඩා කාලයේ සිටම සෞඛ්‍ය සම්පන්න නිරෝගී ජීවන රටාවක් ගොඩනඟා ගැනීමට අවශ්‍ය ආදර්ශය මගපෙන්වීම ලබා දිය හැකිය.

නිරෝගී ව ජීවන් වීමට හොඳ ආහාර ගන්න: ඔබේ සිරුරේ යහපත් බර මට්ටමක් පවත්වා ගෙන යාමට ආහාර පාලනය අතිශයින්ම වැදගත් වෙයි. පිෂ්ටය අඩු සලාද, පලා වර්ග, රනිල භෝග, ධාන්‍ය සහ කෙඳි සහිත පලතුරු ආහාරයට එකතු කර ගැනීමෙන් ඔබේ දරුවාගේ සියලු පෝෂණ අවශ්‍යතා සපුරා ගන්නා අතර බර සාමාන්‍ය මට්ටමේ තබාගත හැකිය.

දරුවාට තාත්වික ඉලක්ක ලබා දෙන්න: ඔබේ දරුවා නිරෝගීව සහ සෞඛ්‍ය සම්පන්නව සිටීමට දිරිගන්වන ඉලක්ක ලබා දෙන්න. ඔබ ඇතැම් විට එය විශ්වාස නොකරනු ඇත. එහෙත් පහසුවෙන් ළඟා කර ගත හැකි ඉලක්ක වෙත දරුවන් වඩාත් ආකර්ෂණීය වෙයි. ඔබේ දරුවා තරබාරු නම් ඔහුට පහසුවෙන් ළඟා විය හැකි ජීවන රටාවේ වෙනස්කමක් පදනම් කරගත් තාත්වික ඉලක්කයක් ලබා දෙන්න. එවිට දරුවා බර අඩු කර ගැනීමේ ක්‍රියාවලිය වෙත සෙමෙන් අවතීර්ණ වනු ඇත.

ව්‍යායාම කිරීම දිරි ගන්වන්න: ඔබේ දරුවාට ගැළපෙන ශරීර ක්‍රියාකාරකම් මොනවා දැයි හඳුනා ගැනීම ඔස්සේ මෙම ඉලක්කය සපුරාගත හැකිය. ඔබේ දරුවන් ඒ සඳහා දිරිගැන්වීමට නිවසින් බැහැර ක්‍රීඩාවලට සහ විනෝද චාරිකාවලට සම්බන්ධ වන්න. ගෙදර දොර වැඩකටයුතුවලට ඔවුන් සම්බන්ධ කරගන්න. දරුවන් හැකි සෑම විටම නිවසේ පඩි පෙළ භාවිතයට හුරු කරවන්න. ඔබ ව්‍යායාම කරන විට දරුවා ඊට සම්බන්ධ කර ගැනීම එම පුරුද්ද දරුවා තුළ ඇති කිරීමට හොඳ මගකි. නිදසුනක් ලෙස ඔබ පාපැදි පදින විට දරුවාත් ඊට එකතු කර ගන්න.

පුරුදු වෙනස් කරන්න උත්සාහ කරන්න: ත්‍යාග ලබා දීම, විශේෂයන් දරුවන්ට ත්‍යාග ලබාදීම ඵලදායක නැතැයි කියන්නේ කවුද? පෝෂ්‍යදායි ආහාර සහ ව්‍යායාමවල නිරිත වීම දිරිගන්වන අහිතකර ආහාර පුරුදු අධෛර්යමත් කරන ත්‍යාග ලබා දීමේ ක්‍රමයක් ඇති කරන්න. කෙසේ වුවද එම දිරිගැන්වීම් ත්‍යාග ද සෞඛ්‍ය සම්පන්න විය යුතුය. ත්‍යාග ලෙව දරුවන්ට චිප්ස් වර්ග, ක්ෂණික කෑම වර්ග ලබා නොදෙන්න. වැඩිපුර වේලාවක් රූපවාහිනි නැරඹීම හෝ නිවසින් බැහැර ගත කිරීමට ඉඩ නොදෙන්න.

ඩිජිටල් බාධක වළක්වන්න: රාත්‍රීයට විශේෂයෙන්ම ආහාර ගන්නා විට ඩිජිටල් උපාංග දරුවන්ගෙන් ඉවත් කරන්න. පවුලේ සියලු දෙනා රූපවාහිනිය, පරිගණකය හෝ වෙනත් විද්‍යුත් උපාංගයක් ඉදිරියේ ආහාර ගැනීම අධෛර්යමත් කරන්න. ඔබේ දරුවා වැඩි වෙලාවක් රූපවාහිනිය හෝ පරිගණකය ඉදිරියේ නොව එළිමහනේ ක්‍රීවා කිරීම සඳහා දරුවන් දිරිමත් කරන්න.

භාව්‍යෙජ්‍යාති චිලුකොටි විසිනි

www.thehealthsite.comහි ‘6 expert tips to manage weight in overweight and obese kids’ නම් ලිපියේ සිංහල අනුවාදයකි.