මුහුදු වෙරළට යාම මොළයට හොඳ බව විද්‍යාව කියයි

මුහුදු වෙරළට ගිය විට ඔබේ මොළය යහපත් දිශානතියට වෙනස් කෙරෙන බව නූතන විද්‍යාව විසින් අනාවරණය කර ගෙන තිබේ. ඔබට පවුලේ සියලු දෙනා සමග මුහුදු වෙරළට විනෝද චාරිකාවක් සුදානම් කිරීමට තවත් හේතුවක් උවමනා නම් මේ ඒ සඳහා කදිම හේතුවකි.

අප ජීවත් වන්නේ අපේක්ෂාවක් නොමැතිව නැතහොත් අපේක්ෂාභංග වූවාක් මෙනි. එහෙත් වතුර අසල ගැවසීම අප සතුටට පත් කරයි!

මම කුඩා කාලයේ පටන් මුහුද අසල ජීවත් වූ අතර හතර අතින් ගොඩබිමෙන් වට වූ තැනක ජීවත් වීම මට රුචි නොවිණි. මගේ සැමියා මෙන්ම දරුවන් ද වතුරට ආකර්ෂණය වීම මට සැනසිල්ලක් විය. එහෙත් නිල් පැහැ සුන්දර සියල්ල කෙරෙහි අප තුළ ඇති කැමැත්ත පිටුපස ඇති විද්‍යාත්මක හේතු පිළිබඳ සෙවීම මම කිසි විටක අත් නොහළෙමි.

ජලය අසල ගැවසීමෙන් විවිධ ප්‍රතිලාභ ලැබිය හැකි බව අපේ පර්යේෂණය මගින් සනාථ වී තිබේ. මුහුදට, වැවකට, ගඟකට හෝ එවැනි ජලාශයකට නිරාවරණය වීමෙන් ආතතිය අඩු කෙරෙයි. නිල් පැහැති අවකාශය මොළය සැහැල්ලුවට පත් කරන නිසා නිර්මාණශීලීත්වය ඉහළ නංවයි. අප වෙරළෙහි සිටින විට ජලයෙහි ඇති ඍණ අයන අපේ ආතතිය ක්ෂණිකව පහත දමයි.

ඔබ විශාල ජල කඳක් දෙස බලා සිටින විට ඔබට එකවර ම මේ ලෝකය කෙතරම් සුන්දර ද ඔබ මුහුණ පා ඇති ගැටලු කෙතරම් නොවැදගත් ද යන්න හැඟෙනු ඇත. එය ඔබේ මනස තුළ සිහින දලු ලා වැඩෙන්නට උපකාරී වනු ඇත. සැබවින්ම ඔබ ගැඹුරු නිල් සයුර දෙස නෙත් යොමු සිටින විට සියල්ල සුබවාදී ලෙස හැඟෙනු ඇත.

ජලය අසල ගැවසීමේ වාසි කෙතරම් දැයි ඔබ දැන ගත්ත ද මුහුද හෝ වැවක් වැනි ජලාශයක් අසල ජීවත් තරම් ඔබ වාසනාවන්ත වී නොමැති නම් පවුලේ සියලු දෙනා සමග සුන්දර මුහුදු වෙරළකට හෝ වැව් තාවුල්ලකට යාමට චාරිකාවක් සූදානම් කරන්න. වෙනත් බොහෝ පර්යේෂණවලින් පවුලේ නිවාඩු සමය දරුවන්ගේ සතුටුදායක ම කාලය බව අනාවරණය කර තිබේ.

ඔබට සතියක් පමණ එවැනි චාරිකාවක් සඳහා වියපැහැදම් කිරීමට කාලය සහ ධනය නොමැති නම් වහාම පවුලේ සියලු දෙනා සමග ටික කාලයක් හෝ ජලාශයක් අසලට ගොස් ගත කරන්න. ඔබේ මොළය ඔබට ඒ ගැන ප්‍රශංසා කරනු ඇත.

(parents.comහි පළ වූ Going to the Beach Actually Changes Your Brain for the Better, Says Science නම් Melissa Willets විසින් රචිත ලිපියෙහි සිංහල අනුවාදයකි.)