අධික වියදම ඔබ ණයකරුවකු ලෙඩෙකු කරයි

එය අවදානම් ඇයි: මුදල් සම්බන්ධ ප්‍රශ්න බොහෝ සෞඛ්‍ය ගැටලුවලට හේතුවෙයි. ඇමරිකාවේ රට්ගර්ස් විශ්වවිද්‍යාලය කළ දුරකතන සමීක්ෂණයකට ප්‍රතිචාර දැක් වූ පිරිස මූල්‍ය ප්‍රශ්න අධික රුධිර පීඩනය, ආතතිය, නින්ද නොයාම, හිසේ කැක්කුම, ආහාර ජීර්ණ ගැටලු, වේදනාව, තුවාල, අධික දුම්පානය සහ මධ්‍යසාර පානය, බර වැඩිවීම සහ අඩු වීම ආදී ප්‍රශ්න ඇති කළ බව හෙළි කර තිබේ.

ඔබ එය නතර කළ යුතු ඇයි: ඔබට නැවත මූල්‍යමය ස්ථාවරත්වයක් ඇති කරගත හැකිය. එය තරමක් දුෂ්කරය. එහෙත් ණය අර්බුදයෙන් මිදීම බර අඩු කර ගැනීම වැනි කටයුත්තකි. ඒ සඳහා යම් කාලයක් ගත විය හැකි අතර ඔබේ මංමකාරයට සහ ජීවන ක්‍රමයට අපහසුතා ඇති කළ හැකිය. ඔබට බෙහෙවින් විමසිලිමත් වීමට සිදුවන අතර ඉතාම පහසුවෙන් පැරණි පුරුදු ක්‍රමයට යොමු විය හැකිය.

එහෙත් බොහෝ දෙනෙකු සාර්ථක වී ඇති අතර ප්‍රතිඵල විස්මජනකය. ඔබට ඔබේ ජීවිතය තම පාලනයේ පවතින බව  හැඟෙනු ඇති අතර ආතතිය සහ අසහනාකාරී බව අඩු වනු ඇත. ඔබට හොඳ නින්දක් ලබා ගත හැකි වනු ඇති අතර වැඩිපුර ආහාර ගැනීම නතර වනු ඇත. හිසේ කැක්කුම අඩු වනු ඇත. ඔබේ වියදම් පාලනය කර ගැනීමට උපායමාර්ග සොයා ගැනීම සහ සරල විනෝද මාර්ග වෙත යොමු වීම ඔබේ සබඳතා වැඩි දියුණු කරනු ඇත. මුදල් ඉතිරි කිරීමේ පුරුද්දක් ඇති කර ගැනීට ද උත්සාහ ගන්න.

පුරුදුවලින් මිදෙන්න

මුදල් පාලනය කරන ආකාරය උගනින්න: ණය පත්, උකස් තැබීම, අයවැය සැකසීම සහ ආයෝජනය ආදී පෞද්ගලික මූල්‍ය පරිපාලනයේ මූලික නීති ඉගෙන ගන්න.

ඔබේ ණය පත කුණු කූඩයට දමන්න: එය සාහිත්‍යමය ලෙස ප්‍රකාශ කළහොත් ඔබේ ණය පත බඳුනකට දමා ඊට වතුර පුරවා සීතකරණයේ තබන්න යැයි කිව හැකිය. එවිට ඔබ ණයපත භාවිතය නතර කරනු ඇත.

අයවැයක් සදන්න: මාසයකට ඔබේ අතට කොපමණ මුදලක් ලැබේද? අත්‍යවශ්‍ය කටයුතු සඳහා ඔබ කෙතරම් මුදලක් වැය කරන්නේද? නිකරුණේ කෙතරම් වැය වෙනවාද? එවිට ඔබ කපා හැරිය යුතු වියදම් මොනවාදැයි හඳුනාගත හැකිය.

ඔබේ මාසික බිල්පත්වල අවම වාරිකය හෝ මාසිකව ගෙවා දමන්න: අධිපොළී සහිත ණයපත් වාරික ගෙවා දැමීමට ප්‍රමුඛතාව දෙන්න. ඔබ එය වරක් ගෙවීම පැහැර හැරියහොත් ඉදිරියේදී තත්ත්වය තවත් නරක අතට හැරෙනු ඇත.

 මාසික ස්වයංක්‍රීය බැංකු සේවා භාවිතය හොඳ පුරුද්දකි: අන්තර්ජල බැංකු පහසුකම මාර්ගයෙන් යම් මුදල් ප්‍රමාණයක් මාසිකව ඔබේ ඉතිරි කිරීම් සඳහා යොමු කරන්න. ඔබේ මාසික බිල්පත් ස්වයංක්‍රීයව ගෙවා දැමීමට කටයුතු කරන්න. එවිට අතපසුවීම් නිසා ප්‍රමාද ගාස්තු ආදියට මුදල් වැය නොවේ.

මුදල් භාවිත කරන ප්‍රමුඛතා වෙනස් කරන්න: විනෝදාංශයක් ලෙස හෝ සිතේ නොසන්සුන් බව නිසා ෂොපින් කිරීම නතර කරදමන්න. අනාගතයේ ඔපට වැදගත් වන දෑ හඳුනා ගෙන ඒ සඳහා අවශ්‍ය ඉතිරි කිරීම් සැලසුම් කර ක්‍රියාත්මක කරන්න.

(www.rd.comහි  10 Habits You Didn’t Realize Are Actually Dangerous for Your Health නම් ලිපියෙහි Overspending your way into debt කොටසේ සිංහල අනුවාදයකි.)