රතු සහලේ සෞඛ්‍ය ප්‍රතිලාභ

සුදු සහල් සහ නිවුඩ්ඩ ඉවත් කළ සහල් (polished rice) සමග සසදන විට රතු සහල් පෝෂණ ගුණයෙන් ඉහළය. එහෙත් සුදු සහල් බතකට වඩා රතු සහල් බතක් පිස ගැනීමට වැඩි කාලයක් ගත වෙයි. රතු බත් ඇට රසයෙන් ද ඉහළ අතර එහි අඩංගු තන්තු, විටමින් B1 සහ B2, යකඩ සහ කැල්සියම් ප්‍රමාණය වැඩිය. එහි අඩංගු ඉහළ පෝෂණ ගුණය සහ සෞඛ්‍ය ප්‍රතිලාභ නිසා රතු බත් හෘද රෝගීන්ට සහ හදවත් රෝගීන්ට දැඩි ලෙස නිර්දේශ කරයි. එහි අඩංගු තන්තුමට කොටස් බර පාලනය කර ගැනීමට උපකාරී වන නිසා සෞඛ්‍ය උපදේශකයන් සහ සිරුරේ හැඩය පිළිබඳ සැලකිලිමත් වන අය රතු බතට කැමතිය. රතු බත් ආහාරයට ගැනීමෙන් ඔබටත් පහත සඳහන් පෝෂණ ගුණ සහ සෞඛ්‍ය ප්‍රතිලාභ අත්කර ගත හැකිය.

  1. මුක්ත ඛණ්ඩක නිශ්ප්‍රභ කරන ප්‍රතිඔක්සිකාරක සහිතය

රතු හෝ දුඹුරු සහල්වල යකඩ නැතහොත් මැංගනීස් බෙහෙවින් අඩංගුය. මැංගනීස් යනු සිරුරට අවශ්‍ය ශක්තිය ජනනයට උපකාරී වන අතර එන්සයිමවල අඩංගු අත්‍යවශ්‍ය පදාර්ථයකි. එම ශක්ති ජනනය කළ විට සිරුරේ මුක්ත ඛණ්ඩක ඇති වීමෙන් ආරක්ෂා කරන ප්‍රතිඔක්සිකාරකයකි.

එසේම සිරුරේ තුවාල සුව විම ඉක්මන් කරවන සහ සිරුරේ ආරක්ෂණ ක්‍රියාවලිය මැනවින් ක්‍රියාත්මක කරවන වන සින්ක් ඛනිජවලින් රතු සහල් පොහොසත්ය. යකඩ මෙන්ම සින්ක් ද පටක සහ සෛලවලට හානි කරන මුක්ත ඛණ්ඩක ඇති වීමෙන් වළකන නියම ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ක්‍රියාත්මක වෙයි.

  1. විටමින් B6 අඩංගුයි

එක වේලක් රතු බත් කෑමෙන් දිනකට සිරුරේ ඉන්ද්‍රිය ක්‍රියාත්මක වීමට උවමනා විටමින් B6වලින් 23%ක් ලබාගත හැකිය. එසේම සිරුරේ DNA සෛල නිපදවීමට උපකාරී වන සෙරටොනයින්, රතු රුධිරානු සෛල  ප්‍රමාණය වර්ධනය පාලනය කිරීමට සින්ක් උවමනා වෙයි.

  1. අධි කොලෙස්ට්‍රෝල් මට්ටම පහත දමයි

රතු සහල් රුධිරුයේ ඇති කොලෙස්ට්‍රෝල් මට්ටම පහත හෙළීමට උපකාරී වන බව 1970 මිනිසුන් යොදා ගෙන කළ පරීක්ෂණයක් මගින් අනාවරණය කෙරිණි. රතු සහලේ  ඇති ක්‍රියාකාරී සංඝටකය මොනොකොලින් K (monacolin K) යනුවෙන් හැඳින්වෙයි. එය රුධිරයේ කොලෙස්ට්‍රෝල් මට්ටම පහත හෙළීම සඳහා භාවිත කරන Mevacorහි අඩංගු lovastatin මෙනි. එක්සත් ජනපද ආහාර සහ ඖෂධ පාලන අධිකාරියට අනුව lovastatin කොලෙස්ට්‍රෝල් සඳහා ඖෂධයක් වන අතර එම ඖෂධ ප්‍රමාණවත් මාත්‍රාවක් අඩංගු රතු බත් කොලෙස්ට්‍රෝල් සඳහා අනුමත නොකළ ඖෂධයකි. කෙසේ වුව ද අක්මා රෝග ඇති අයට රතු බත් සුදුසු නොවේ.

  1. හදවත් රෝග වළක්වයි

රුධිරයේ LDL අධි සාන්ද්‍රණයක් තිබීම ධමනි වාහිනී බිත්තිවල ගැටිති ඇති වීමට හේතුවෙයි. මෙම ගැටිති කිරීට ධමනි අවහිර කිරීම නිසා හෘදයාබාධ ඇති විය හැකිය. එහෙයින් රුධිරයේ LDL සාන්ද්‍රණය අඩු කර ගැනීම හෘදයාබාධ ඇති වීමේ අවධානම පහත දමා ගැනීමකි. Chestnut Hill රෝහලේ හෘද රෝග වෛද්‍ය ඩේවිඩ් බේකර් සහ රම් ගෝඩන් 2009 වසරේ කළ අධ්‍යයනයක් අනුව රෝගීන් placebo ඔෘෂධ ගත්තාට වඩා රතු බත් කෑ විට ඔවුන්ගේ රුධිරයේ LDL සාන්ද්‍රණය අඩු වෙයි.

  1. රුධිරයේ සීනි මට්ටම පහත හෙළයි

පාලනය නොකළ රුධිරයේ සීනි මට්ටම දියවැඩියා රෝගියෙකුගේ දෑස්, වකුගඩු සහ හදවත් රෝගතුරු කරයි. පාලනය කරන ලද සීනි මට්ටම එම අවදානම අඩු කරලයි. National Pingtung University of Science and Technologyහි ආහාර විද්‍යා දෙපාර්මේන්තුව සතුන් යොදා ගෙන කළ පරීක්ෂණයක් අනුව රතු බත් දියවැඩියා මට්ටම පහත හෙළන අතර රුධිරයේ සීනි මට්ටම සාමාන්‍ය තත්ත්වයට ගෙන එයි. මෙහිදී දියවැඩියාව සඳහා වෙනත් ප්‍රතිකාර ක්‍රමයක් සොයා ගැනීමට උත්සාහ ගැනිණි. දියවැඩියා වැළඳුණු මීයන්ගේ රුධිරුයේ ග්ලූකෝස් මට්ටම ඉන්සියුලින්වලට අසමාන ලෙස රතු බත්වලට අඩු කළ හැකි වනු ඇතැයි පැවසිණි.

  1. ස්ථුලවීමේ අවධානම අඩු කරයි

රතු බත් ඔබේ කෑම රුචිය අඩු කරවන අතර බොහෝ වේලාවක් කුසගිනි ඇති නොවීමට හේතු වේ. එසේම රතු බත් ආහාර ජීර්ණය සඳහා වුවමනා ශක්තිය සපයයි. රතු සහල් සම්පූර්ණයෙන් මේද රහිත ආහාරයක් වන අතර අධික මේද පරිභෝජනය නිසා ස්ථූලභාවයට පත්වීමේ අවදානම ඉහළ යයි. දිනපතා රතු බත් ආහාරයට ගන්නා අය ස්ථූලත්වයට පත්වීමේ අවදානම අඩු බව හඳුනා ගෙන තිබේ. ඔබ සිරුරේ අනවශ්‍ය බර කිලෝ ග්රෑම් කිහිපයකින් අඩු කර ගැනීමට උත්සාහ කරන්නේ නම් රතු බත් එය පහසු කරලයි.

  1. ඇදුම රෝගය වැළඳීමේ අවධානම අඩු කරයි

ඔබේ සාමාන්‍ය හුස්ම ගැනීමේ ක්‍රියාවලිය පවත්වාගෙන යාමට උදව් කරන මැග්නීසියම් රතු සහලේ බහුලය. දිනපතා රතු බත් පරිභෝජනය කිරීම ඇදුම රෝග වැළඳීමේ අවදානම වළකා ගැනීමට උදව් වෙයි. ඔබ ඇදුම රෝගයෙන් පීඩා විඳින්නේ නම් වෛද්‍යවරයා මුණගැසී ඔබට රතු බත් කෑම සුදුසු ද නැද්ද යන්න විමසා දැනගන්න.

  1. සම පෝෂණය කරයි

ඔබේ සමේ පෝෂණයට ඉතාම වැදගත් වන ප්‍රතිඔක්සිකාරක රතු සහලේ බහුලය. දිනපතා රතු බත් කෑමෙන් සමේ රේඛා පැල්ලම් ඇති වීම සහ සහ රැලී වැටීම වළක්වා ගත හැකිය. එසේම රතු බත් ඔබේ සමේ නිරෝගී බව සහ ශක්තිමත් බව ඉහළ නංවා UV කිරණ නිසා සම රැලි වැටීම අවම කරයි.

  1. රතු බත් ඔබේ අස්ථි ශක්තිමත් කරයි

පෙර ද සඳහන් කළ පරිදි රතු සහලේ මැග්නීසියම් බහුලය. ඒවා ඔබේ අස්ථිවල නිරෝගීභාවය සඳහා කදිමය. ශක්තිමත් සහ නිරෝගී අස්ථි පද්ධතියක් සඳහා මැග්නීසියම් අත්‍යවශ්‍ය පෝෂකයක් වන අතර මැග්නීසියම් ඌනතාව මහළු වියේ ඔස්ටියෝපොරෝසිස් රෝග තත්ත්වය සහ අස්ථිවල ඝනත්වය අඩු වීමට හේතු විය හැකිය. දිනපතා රතු බත් පරිභෝජනය කිරීම අස්ථි සම්බන්ධ ගැටලු වැළැක්වීමට සමනය කිරීමට ඉවහල් වන බව සනාථ වී තිබේ.

  1. රතු සහලේ තන්තු බහුලයි

රතු සහල් ඔබට දිනකට වුවමනා තන්තු අවශ්‍යතාව සපුරා ගැනීමට උදව් වෙයි. රතු බත් කප් කාලක (1\4) ග්රෑම් 2ක් පමණ තන්තු අඩංගු වන අතර එය ඔබේ දෛනික තන්තු අවශ්‍යතාවෙන් 8%කි. තන්තු මලබද්ධය ඇති වීම වැළැක්වීමට සහ සමනය කර ගැනීමට ද මලපහ ක්‍රියාවලිය මැනවින් ක්‍රියාත්මක වීමට ද උපකාරී වෙයි. සුදු සහල් සම්පූර්ණයෙන්ම කාබෝහයිඩ්‍රේට් වන අතර රතු සහලේ තන්තු බහුලය. අමතරව රතු බත් ඔබේ සිරුරේ දෛනික ක්‍රියාකාරීත්වය පවත්වා ගෙන වුවමනා ශක්තිය ලබා දෙයි.

(healthbenefitstimes.comහි Health benefits of Red Rice නම් ලිපියෙහි සිංහල අනුවාදයකි.)