වේදනානාශක වැඩිපුර ගැනීම භයානක මේ නිසායි

එය භයානක ඇයි: දිගුකාලයක් තිස්සේ පුරුද්දක් ලෙස වේදනා නාශක භාවිතයට ඇබ්බැහි වීම නිසා එය ඔබට විසඳුමකට වඩා ගැටලු ඇති කළ හැකිය. ආතරයිටීස්, මස් පිඩු වේදනාව සඳහා ඇස්ප්‍රීන්, ඉබුෆ්‍රොෆෙන් වැනි වේදනා නාශක දිගු කාලයක් තිස්සේ භාවිතය නිසා සිරුර අභ්‍යන්තර තුවාල, අමාෂය සහ බඩවැල් ආශ්‍රිත රුධිර වහනය, අධි රුධිර පීඩනය සහ හෘදයාබාධ අවදානම ඉහළ යා හැකිය.

නියමිත මාත්‍රාවට වඩා වැඩිපුර වේදනා නාශක හෝ නිදි පෙති ගැනීම නිසා ඔබ තුළ ව්‍යාකූල බවක් ඇති විය හැකි අතර සිරුරේ සමබරතාව අහිමි වීම සහ ඇද වැටීම සිදුවිය හැකිය. ඔබට ඒවා සහනයක් ගෙන දුනහොත් ඔබට නොදැනීම ඒවා දිගටම ගැනීමට යොමු වනු ඇති අතර එය පුරුද්දක් සහ ඇබ්බැහිකමක් බවට පත්වනු ඇත.

ඔබ එය නතර කළ යුත්තේ ඇයි:

මස් පිඬු, සන්ධි සහ හිස රුදාව ආදිය සඳහා අලුත් වේදනා සමනෝපක්‍රමවලට පෙති කිහිපයක් මගින් සහනය ලබා දිය හැකි අතර ඒ අතුරු ආබාධත් සමගය. යම් ආයාසයක් දරා වේදනා නාශක පෙති භාවිතයෙන් ඉවත් විය හැකි ඔබේ සිරුර එම ඖෂධවල බලපෑමෙන් වහා මිදෙනු ඇත. එවිට ඔබේ ඖෂධ වියදම අඩු වෙනු ඇත.

එසේම හදවත් සහ අධික රුධිර පීඩන ප්‍රශ්න මෙන්ම ආමාශය සහ බඩවැල් ආශ්‍රිත තුවාල සහ ලේ ගැලීම් අවදානම් අවම වනු ඇත. එසේම ඔබ වඩාත් තම සෞඛ්‍ය පිළිබඳ පරීක්ෂාකාරී වනු ඇති අතර ඖෂධ මත යැපීම පරාජය කිරීමට හැකි වීම පිළිබඳ සතුටු වනු ඇත.

පුරුදු වෙනස් කරගන්න:

කල් පවතින වේදනාවට ඇසිටැමයිනොෆෙන් භාවිතයට යොමු වන්න: එය ඇස්ප්‍රීන් හෝ අයිබිවුෆ්‍රොෆෙන් මෙන් බඩේ වේදනාවට හේතු නොවන අතර රුධිර පීඩනය ඉහළ නංවන්නේ ද නැත. අයිබිවුෆ්‍රොෆෙන් හදිසියේ ඇති වන දැඩි සහ කෙටි කාලීන වේදනාවලින් ඔබ ආරක්ෂා කරයි. ඒවා දින 10ක් දක්වා පාවිච්චිය ආරක්ෂිත අතර ඊට වඩා භාවිතය සුදුසු නැත.

නිතර හිස රුදාව ඇති වේ නම් වෛද්‍ය උපදෙස් ලබාගන්න: නිසි ප්‍රතිකාර මගින් ඉරුවාරදය ඉක්මනින් සුව කළ හැකිය.

විකල්ප වේදනා නාශක ප්‍රතිකාර ක්‍රම පිළිබඳ සොයා බලන්න: බර අඩු කර ගැනීම, ව්‍යායාම, ආතතිය අවම කර ගැනීම සහ ආතතිකාරක මග හැරීම ඒ සඳහා උපකාරී වනු ඇත.

මාස 4කට වඩා ඇබ්බැහිකාරක ඖෂධ ගැනීමෙන් වළකින්න: වේදනාව, මානසික ගැටලු හෝ නින්ද නොයාම ආදිය සඳහා ලබා දෙන කිසියම් ඖෂධයක් නිසි ප්‍රතිඵල ලබා දුන්න ද ඒවා දිගු කාලයක් ගැනීම නිසා ඔබ ඊට ඇබ්බැහි විය හැකි යැයි සිතන්නේ නම් වෛද්‍යවරයා සමග ඒ පිළිබඳ සාකච්ඡා කරන්න.

සැඟව ඇති සංංඥා හඳුනා ගන්න: මතකය දුර්වල වීම, අධික නිදිමත, අලස බව සහ නිතර ඇද වැටීම ඔබ අධික ලෙස වේදනා නාශක ගැනීමට යොමු වී ඇති බවට සංඥාය.

උදව් පතන්න: ඔබ කිසියම් අසහනකාරීත්වයකින් පෙළේ නම් එය පාලනය කරගත නොහැකි නම් ඔබේ පවුලේ සාමාජිකයන්ගෙන්, මිතුරන්ගෙන් හෝ ඔබේ වෛද්‍යවරයාගෙන් උදව් පැතීමට කිසිසේත් පසුබට විය යුතු නැත.

(www.rd.comහි 10 Habits You Didn’t Realize Are Actually Dangerous for Your Health නම් ලිපියේ Overusing painkillers and sedatives නම් කොටසේ අනුවාදයකි.)