අත් පා අහිමි ඔබේ වේදනාවට සහනයක්

අතේ හෝ කකුලේ කොටසක් කපා හැරීමෙන් පසුව, තව දුරටත් එම කොටස තිබීමෙන් ඇති වන ලෙස වේදනාවක් ඇතැම් විට ඇති විය හැකිය. මෙය ෆැන්ටම් ලිම්බ් වේදනාව ලෙස හැඳින්වේ. එය කපා ඉවත් කරන ලද අත් සහ පාදවල වඩාත් සුලභ වේ. නමුත් සමහර අයට එය පියයුරු වැනි වෙනත් ශරීර කොටස් ඉවත් කිරීමෙන් පසුව වුවද ඇති විය හැකිය.

සමහරුන්ට කෙටි කලකින් වේදනාව අඩු වී යන නමුත් බොහෝ අයට එය දිගුකාලීන හා දරුණු වේදනාවක් විය හැකිය. එහෙත් වෛද්‍ය ප්‍රතිකාර ගැනීමෙන් හෝ සරල ස්වයං ක්‍රම මගින් ඔබට එම වේදනාව සීමා කළ හැකිය.

මෙම වේදනාව ඇති වන ආකාරය හරිහැටි විස්තර කර නොමැති අතර එක් පිළිගත් පැහැදිලි කිරීමක් වන්නේ අතුරුදහන් වූ හස්තය හෝ කකුලෙන් සංඥා නැති වී යන විට ඔබේ කශේරුකාවේ හා මොළයේ අලුතින් නව උත්තේජක ප්‍රදේශ ඇතිවීමය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, ඔබේ ඇඟට එම ඉන්ද්‍රීයන් ඇති විට දැනෙන සන්වේදනයට සමාන සන්නිවේදක හා ප්‍රතිචාර දක්වයි.

ෆැන්ටම් ලිම්බ් වේදනාවට ඖෂධ ප්‍රතිකාර වුවමනා නැත. නමුත් මානසික අවපීඩනයෙන් පෙළෙන අයට දෙන ඖෂධ මගින් යම් සහනයක් ලබා දිය හැකිය. ඖෂධ මගින් පමණක් ප්‍රමාණවත් සහනයක් ලබා දිය නොහැකි නම් වෙනත් ප්‍රතිකාර සඳහා නිර්දේශ කළ හැකිය.

කණ්ණාඩි කොටු ප්‍රතිකාරය

පියනක් නොමැති අඩි එකහමාරක් පමණ පළල පෙට්ටියක් නැතහොත් කොටුවක් සාදන්න. එහි එක් පසක දෑත් හෝ දෙපා රිංගවිය හැකි ප්‍රමාණයේ විවර දෙකක් සදන්න. ඉතිරි පැති සඳහා කැඩපත් සවි කරන්න. කඳ කොටස සඳහා මධ්‍යයේ කැඩපතක් තබන්න. ඔබේ අත හා පාද සඳහා වුවමනා ආකාරයට ඉහළින් හා පහළින් සවි කරන්න.

දැන් ඔබේ ඉතිරි වී ඇති අත හෝ කකුල සිදුරින් ඇතුළට දමන්න. දැන් කැඩපතෙහි ඔබේ ඉවත් කළ අත හෝ කකුල පිළිබිඹු වන බව ඔබට පෙනේ. එසේ සකස් කර ගත නොහැකි නම් සරලවම කැඩපතක් ඉදිරියේ වුවද මෙය අත්හදා බැලිය හැකිය.

ඔබට එය ව්‍යායාම අභ්‍යාස සඳහා මෙන්ම ඔබේ අහිමි අත හෝ කකුල ඇති බවට මොළයට සංඥා ලබා දීමේ උපක්‍රමයක් ලෙසින් භාවිත කළ හැකිය. මෙය අස්ථි කොටස්වල වේදනාව අඩු කර ගැනීමට උපකාර වන බව පර්යේෂණවලින් අනාවරණය වී තිබේ. ඔබේ පුරුදු මේ සඳහා ඉතාමත් වැදගත් වෙයි.

යම් සහනයක් ගෙන ඒම සඳහා ජීවන රටා තෝරා ගැනීමේදී ඔබ නිරෝගී පුද්ගලයකු බව අමතක නොකරන්න.

පහත ක්‍රියාකාරකම් ඔස්සේ සහනයක් ලබා ගැනීමට උත්සාහ කරන්න.

වේදනාවේදී යහපත් සිහිකල්පනාව ඇති කරගන්නට ආකල්ප සොයා ගන්න. මේ සඳහා සංගීත යොදාගත හැකිය.

ශාරීරිකව සක්‍රීයව සිටින්න.

භාවනාව, යෝග ව්‍යයාම වැනි ලිහිල් කිරීමේ ශිල්ප ක්‍රම පුහුණු කරන්න.

උපදෙස්


විශේෂඥ නිර්වින්දන වෛද්‍ය ගයනි වල්පොල මහත්මිය
වේදනා සමනක සායනය
කොළඹ ජාතික රෝහල
සටහන
උදානි නෙත්මිණි