සිත් වසඟ කරන නෙත් යුවළක් වෙනුවෙන්…

ඇස් දෙක කියන්නේ කෙනෙක්ගේ ආකර්ෂණය දිනාගන්න සුවිශේෂී දෙයක්.මේකට ගෑනු පිරිමි භේදයක් නැහැ.කාට වුණත් ලස්සන ඇස් දෙකක් කියන්නේ ආභරණයක්.මුහුණට ඇඟට කොයිතරම් සත්කාර කළත් ඔබ ඔබේ ඇස් වලට සත්කාර කරන්න අමතක කරනවා නේද ?

ඔබේ ඇස්වලට හානිගෙන දෙන වැරදි පුරුදු

දිගු වේලාවක් පරිඝනකය දෙස බලා සිටීම.

බොහෝ රැකියාවල නිරත කාන්තාවන් මෙන්ම පිරිම්ද අද දවසේ වැඩි වේලාවක් ගත කරන්නේ පරිඝනකය ඉදිරියේයි.මෙය ඔබේ රැකියාව අනුව ඔබට සිදුවන දෙයක් විය හැකියි.නමුත් මේ නිසා ඔබේ ඇස් වල ඉතාම අහිතකර බලපෑමක් ඇතිවෙනවා.

මේ නිසා ඔබ වැඩ කරන අතරතුර පරිඝනක තිරයෙන් මඳක් පසෙකට වෙමින් තරමක් වේගයෙන් ඇසිපිය ගැසීම වැනි ව්‍යායාමයක් ඔබේ ඇස් වලට ලබා දෙන්න.

නිසි ප්‍රමිතියෙන් තොර අව් කණ්ණාඩි භාවිතට.

හුඟක් කාන්තාවන් අව් කණ්ණාඩියක් මිළදී ගැනීමේදී සැළකිලිමත් වෙන්නේ එහි විලාසිතාව පිළිබඳවයි.නමුත් ඔබ සැළකිලිමත් විය යුත්තේ එහි ප්‍රමිතිය පිළිබඳවයි.අප අව් කණ්ණාඩියක් මිළදී ගන්නේ විලාසිතා ආභරණයක් ලෙස නොවේ.

එය කාන්තා පිරිමි ඔබට විලාසිතාවක් ලෙස යම් හැඩකාර බවක් එක්කරාවි.නමුත් එයින් ඔබේ දෑස් ආරක්ෂා වන්නේ නැත්නම් එම පැළඳුමෙන් කිසිම ප්‍රයෝජයක් නැත.ඒ  නිසා ඔබ යම් අව් කණ්ණාඩියක් මිළදී ගන්නවා නම් එහි ප්‍රමිතිය ගැන සැළකිලිමත් වෙන්න.

රාත්‍රියේ නිදිවැරීම.

මේ පුරුද්ද නම් ඔබේ ඇස් දෙකට පමණක් නොවේ ඔබේ සෞඛ්‍යයට හොඳම දෙයක් නෙවෙයි.මේ නිසා ඔබේ ඇස් යට කළු පැහැ ගැන්වීම හා රැලි වැටීම ඉතාම ඉක්මණින් සිදුවෙනවා.එමෙන්ම ඔබට ඉතාම වයස්ගත පෙනුමක් ඉක්මණින් ලැබේවි.

නින්ද කියන්නේ ඔබේ ඇස් වලට යම් විවේකයක් ලබා දෙන මොහොතක් ඒ නිසා අනිවාර්යෙන් ඒ අවස්ථාව ඔබ ඔබේ ඇස්වලට ලබාදිය යුතුමයි.

ප්‍රමිතියෙන් තොර දෑස් ආලේපන

මේ කාරණය නම් වැඩිපුරම බලපාන්නේ කාන්තාවන්ටයි.ඇස් යට කළු පැහැ ගැන්වූ ගමන් ඔවුන් කරන්නේ වෙළඳ පොළේ ඇති කුමන  හෝ ආලේපනයක් (under eye cream) ගෙන ආලේප කිරීමයි.එහි ප්‍රමිතිය ගැන සැළකිලිමත් වෙන පිරිස ඉතාම අඩුයි.

ඔබේ ඇස් යට ඒ වටා ප්‍රදේශය යනු ඉතාම සියුම් ප්‍රදේශයක්.මේවැනි ස්ථානයක ඔබ ප්‍රමිතියෙන් තොර ආලේපන ගැල්වීමකින් සිදුවන්නේ ඔබේ සමට තිබුණාටත් වඩා හානියක් සිදුවීම.ඒ නිසා ඇස ඔබ under eye cream එකක් තෝරා ගන්නවා නම් එහි ප්‍රමිතිය ගැන හොඳින් සැළකිලිමත් වෙන්න.

ඉතා දිගු වේලාවක් සියුම් දේ දෙස බලා සිටීම.

මේ සියුම් දේ යනු කුඩා අකුරු වෙන්නටත් පුළුවන්.ඔබේ ඇස ඉතාම වෙහෙසවෙන දේවල් දෙස ඉතාම දිගු වේලාවක් දිගින් දිගටම බලා සිටීම නිසාද ඇස වෙහෙසීම මඟින් ඇස් රැලි වැටීම සිදුවිය හැකිය.

මේ නිසා ඔබට එවැනි පුරුදු තිබෙනවා නම් එවැනි දේ වලින් තරමක් ඈත්වීම ඔබේ ඇස් වල ආරක්ෂාව වෙනුවෙන් ඉතාම වැදගත්.

විවිධ රෝග

ඉහත කාරණාවලට අමතරව සෙම හා කොලෙස්ටරෝල් ආදී විවිධ රෝගාබාධ හේතුවෙන් ද ඇස් යට කලු පැහැ ගැන්වීම සිදුවිය හැකියි.මේ නිසා ඔබ එවැනි රෝගයකින් පීඩා විඳින අයෙක් නම් පළමුව එම රෝගයට ප්‍රතිකාරගෙන ඉන් පසු මේ ඇස්වටා කලුවීමට වෛද්‍ය ප්‍රතිකාරයක් වෙත යොමුවීම වැදගත්ය.

ඇස්වලට ව්‍යායාම

ඔබ ශරීරයට කෙතෙකුත් ව්‍යායාම කරනවා ඇති…ඒ වගේම ඔබේ ඇස්වල ආරක්ෂාව වෙනුවෙන් රැලි වැටීම වළක්වමින් ඔබේ පෙනුම ආරක්ෂා කරන ඇස් සඳහාම ව්‍යායාම තිබෙනවා.නිවසේ සිටම ඉතාම අඩු කාලයකින් ඔබටත් ලස්සන දෑසක් වෙනුවෙන් මෙවැනි ව්‍යායාම්වල නිරත විය හැකියි.

 

 

කෑම බීම ඉතාම වැදගත්

මේ මොනදේ කළත් වැඩක් වෙන්නේ නෑ ඔබ ගන්නා ආහාරපාන ගැන කිසිම සැළකිල්ලක් දක්වන්නේ නැත්නම්.ඔබේ ශරීරයට ඔබ ලබා දෙන පෝෂණය ඔබේ දෑස්වල ආරක්ෂාවටත් ඉතාම වැදගත්.මේ නිසා දිනපතාම ඉතාම පෝෂණීය ආහාරවේලක් ඔබ ලබා ගත යුතුමයි.ඔබේ දෑස්වල ආරක්ෂාව වෙනුවෙන් ඒ ආහාර අතරට මේ දේවල් එකක් හෝ එකතු කරගන්න.

  • මාළු වර්ග ( සැමන් )
  • කජු වර්ග ( කජු , රටකජු )
  • ධාන්‍ය වර්ග
  • දොඩම් හා නාරං
  • කොළ පැහැ එළවළු වර්ග
  • කැරට්
  • බතල
  • බිත්තර

මේ සියල්ලට අමතරව ඔබ අනිවාර්යෙන්ම හොඳින් ජල පරිභෝජනය කිරීමත් ඉතාම වැදගත් දෙයක්.

ගෙදරදීම කරගන්න පුළුවන් සරළ ප්‍රතිකාර කිහිපයක්

01.පිපිඥ්ඥා සත්කාරය

ශීත කල තරමක් මහත පිපිඥ්ඥා පෙති දෙකක් දෙනෙත් පියා ඒ මත තබන්න. පිපිඥ්ඥා පෙති ශරීරයේ උශ්ණත්වයට උණුසුම් වනතුරු තබා ඉවත් කර නැවත අළුත් පෙති දෙකක් තබන්න. විනාඩි 15ක් පමණ මෙය කිරීම ප්‍රමාණවත්

02.අර්තාපල් සත්කාරය

ඇස් වටේ අඳුරු ගතිය අඩු කරන්න වගේම ඇස් වලට දීප්තිමත් පෙනුමක් ලබා දෙන්න අල වලිනුත් පුළුවන්. රැයක් ශීතකරණයේ තැබූ අල ගෙඩියකින් මහතට පෙති කීපයක් කපා ඒවා ඇස් මත තබන්න. ශීත ගතිය අඩු වූ පසු අළුත් පෙති දෙකක් තබන්න. මෙයත් විනාඩි 15ක් 20ක් කිරීම ප්‍රමාණවත්.

අල වල අඩංගු විටමින් C සහ පොටෑසියම් ඔබේ දෙනෙත් දීප්තිමත් කරන්න උපකාර වෙනව. ඇස් යට එල්ලා වැටීමටත් මෙය ඉතා සුදුසු ප්‍රතිකර්මයක්.

03.rose water සත්කාරය

රෝස පෙති කීපයක් රැයක් පුරා වතුරේ තබා වතුර ටික පෙරාගන්න. එසේත් නැතිනම් රූපලාවන්‍ය උපකරන වෙලඳ සැලකින් හෝ ෆාමසියකින් rose water මිලදී ගන්නත් පුළුවන්. පුළුන් කැබලි දෙකකට රෝස වතුර පොඟවා ඇස් පියා දෙනෙත් මත තබා විනාඩි 20 ක් තබන්න.

හිරු එළියෙන් සහ පරිඝණක ඉදිරියේ වෙහෙසෙන ඇස් වලට මේ ආලේපන වඩාත් සුදුසුයි